top of page

Those who know nothing of foreign languages, know nothing of their own.”

Johann Wolfgang von Goethe 

අරමුණු 

 

* ජපාන් භාෂාව පිළිබදව උනන්දුව ඇතිකිරීම.

 

* භාෂා ප්‍රවීනත්වය තුලින්

 

විරැකියාවට විසදුමක් ලබාදීම.

 

 

* ජපන් භාෂාවට මෙන්ම

 

ජපානයට ආදරය කරන්නන්

 

ඇති කිරීම. 

 

ආධුනිකයෙක් ඕනෑම අවස්ථාවක් අධ්‍යයනයේ යෙදිමේදී ප්‍රවීනයෙකු බවට පත් වේ.  
නිපාත සහ වාක්‍යය නිර්මාණය

නිපාතයක් යනු වාක්‍යයක ඇති වචන එකිනෙකට සම්බන්ධ කරන පද මෙන්ම ජේදයක ඇති  වාක්‍යන් වල පද සම්බන්ධ කරයි. විශේෂයෙන් ජපන් භාෂාවේ ඇති නිපාත අධ්‍යයනය කිරීමේදී විශේෂ උච්චාරණ ක්‍රම අවස්ථා 3ක් දැකිය හැක.

වචන සහ තේරුම
 
Enlarge your vocabulary
and range of expressions 

ජපන් භාෂාවෙන් ආචාර විධි


සුභ උදැසනක්  おはようございます ohayOgozaimasu
සුභ ම්ධ්‍යහනක්  こんにちは     konnichiwa
සුභ සන්ධ්‍යාවක්   こんばんは      konbanwa
සුභ රාත්‍රීයක්   おやすみなさい      Oyasuminasai

漢字リスト
Weekly Schedule
  • Saturday | Japanese Elementary
  • Sunday    | Voice Recording
About

 ජපන් භාෂාව සරලව තනිවම ඉගෙනීමට මෙම අන්තර්ජාල වෙබ්අඩවිය ඔබට උදවු වේ. ජපන් භාෂාව ඉතා රසවත් විෂයක් වන අතර භාෂාව අධ්‍යයනයේදී ඔබට ජපන් සංස්කෘතිය, සාහිත්‍ය, ජපන් ජනයාගේ ජිවිත රටාව, ආහාර පාන, නිවාස, ඇදුම් පැළදුම් ආදිය පිලිබදව අවබෝධයෙන් සිටීම මහත් පිටිවහලක් වේ.

ජපානය

 

 හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් 'ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.

 ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

bottom of page