top of page

ජපන් භාෂාවේ ඇති අක්ෂරයන් ලිවීමේදී සැලකිලිමත් වියයුතු රීති.

 යම් ජපන් අකුරක තිරස් අතට යම් රේකාවක් ඇත්නම් එය වමේ සිට දකුණට ඇදිය යුතු වේ.

 

| සිරස් අතට රේකාවක් ඇත්නම් එය උඩ සිට පහලට ඇදිය යුතු වේ.

 

 යම් අක්‍ෂරයක කෝණා කාර ස්වභාවයේ ඉරක් ඇත්නම් එය එය තනි ඉරක් සේ ඇදිය යුතු වේ.

 

 නිදහස් රේකා සහ ස්ථිර රේකා ලෙසද අක්ෂර ලියනු ඇත.
     

 

 ඉහත පෙන්වා දී ඇති කරුණු සැම රූපාක්ෂරයකම, හිරඟනා හෝඩියේ මෙන්ම කතකනා හෝඩියේ අක්ෂරයන් ලිවීමේදී භාවිතකලයුතු වේ.මීට අමතරව අක්ෂරයේ හැඩය පවත්වා ගැනීමේදී පහත දී ඇති කරුණු ගැන සලකීමත් විය යුතු වේ.

කතකනා  カタカナ

 

කතකනා හෝඩිය විදේශිකයන්ට ආවේනික වූ තොරතුරු ලිවිම සදහා භාවිතා කරනු ලබයි.

 

උදා : විදේශිකයන්ගේ නම්, විදේශ රටවල් වල නම්, විදෙස් රට වල ඇති විවිධ ස්ථානවල නම්, වෙනත් භාෂාවන් තුල උච්චාරණය වන වචනයන්, විවිධ උපුටාගැනීම්, විවිධ සතුන් නිකුත් කරන ශබ්ධයන්, විදේශ රටවල ඇති ශාක සහ සත්ව නාමයන්.

 

මෙම හිරගනා සහ කතකනා හෝඩි වල දැකිය හැකි සමානතා සහ අසාමාන තා පහත දක්වා ඇත.

 

  • හෝඩි යුගලයේ ඇති අක්ෂර ප්‍රමාණය එක හා සමානය. [අක්ෂර 46]

  • එම අක්‍ෂරයන්ගේ උච්චාරණය සමනය.

  • තෙන්තෙන් [ " ] සහ මරුතෙන් [ 。] සහිත අක්ෂර ප්‍රමාණය සමානය.

  • බැදී අක්ෂර නිර්මාණය කරනු ලබන ආකාරය සමනය. [අක්ෂර 33]

  • දීර්ග ස්වරයන් නිර්මාණය කරගනා අකාරය අසමානය.

  • හල් අක්ෂර නිර්මාණය අසමානය.

    A       I      U  E   O

   

   ア  イ  ウ  エ  オ

 

Ka  カ  キ  ク  ケ  コ

 

Sa  サ  シ  ス  セ  ソ

 

Ta  タ   チ  ツ  テ  ト

 

Na  ナ  ニ  ヌ  ネ  ノ

 

Ha  ハ  ヒ  フ  ヘ  ホ

 

Ma  マ  ミ  ム  メ  モ

 

Ya  ヤ     ユ       ヨ

 

Ra  ラ  リ   ル  レ     ロ

 

Wa    ワ             ヲ

 

N    ン

 

 

bottom of page