top of page

ජපානය

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් 'ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.

 

ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.

ඉතිහාසය

ජපන් ඉතිහාසය දෙස විමසීමේදී ඒ පිලිබඳව සඳහන් වන කෘති 2 ක් හමුවේ. එනම් යසුමරෝ විසින් ලියන ලද "කොජිකි" සහ ජොකෝ- නෝ- ෂෝජි විසින් හා ඉනිපසි - නෝ- ගෝතෝ විසින් ලියන ලද "නිහොන්ෂෝකි" වංශ කථාය. මෙම මූලාශ්‍ර වලට අනුව ජපානය දේව නිර්මිතයකි. ජපන් ජනාවාස අවුරුදු 10,000 ට වඩා පැරණි බව පුරා විද්‍යාත්මකව තහවුරු කර ඇත.


ක්‍රි. ව. 4 වන සියවසේදී ජපානය යමතෝ ගෝත්‍රය යටතේ ප්‍රථම වරට ජාතියක් වශයෙන් ඒකාබද්ධ වී ඇත. යපතෝ ගෝත්‍රයට අයත් ජිම්මු අධිරාජ්‍යයා යටතේ නව රාජධානියක් බිහි විය. ඒ තෝමෝ වැඩවසම් පරපුරකි. 7 වන සියවසේ දී නරා යුගයේදී කෝතොකු අධිරාජ්‍යයා යටතේ රදළ ක්‍රමය අහෝසි කර රාජ්‍යයට හා ආණ්ඩුවට වග කියන ආණ්ඩුකාරවරුන් පත් කෙරිණි. 8 වන ශත වර්ෂය වන විට රාජ්‍ය මූලික සංකල්පය බිදී ගොස් රදළ බලය ඉස්මතු විය. (1193 - 1333) කුමකුරා යුගය, (1333 - 1392) නන් බොකුචෝ යුගය, (1392 - 1973) මුරෝමචි යුගය , (1467 - 1568) සෙන් ගොකු යුගය, (1573 -1603) අසුචි මොමායා යුගය සහ (1603 - 1867) එදෝ යන යුගයන් 6 ක් පුරා රදළයන් බලය පවත්වාගෙන ගොස් ඇත. තොකුගවා පාලන සමය වැදගත් වන්නේ බටහිර ලෝකයට පාර වසා දැමූ කාලයක් ලෙසිනි. ජපානයේ නූතන යුගය ලෙස (1868 -1912) මෙයිජි යුගයෙන් ආරම්භ වෙයි. රදළ බලය බිඳ හැර නැවත අධිරාජ්‍ය බලය ස්ථාපිත වූ මෙය ජපානයේ නව ශිෂ්ටාචාරයක් ආරම්භ කළේය. එනම් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික යන අංශ වලින් ජපානය ලෝකයට විවෘත කිරීමෙනි. ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන්වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 11 වන ලෝක සංග්‍රාමයට මුහුණ දුන් ජපානය ලැබූ පරාජය තුළින් ම ජයග්‍රහණය සොයා ගොස් අද පෙරදිග ලෝකයේ දියුණු රටක් බවට පත්ව සිටියි.


ස්වභාව ධර්මය පදනම් කොට ගෙන බිහිවුණු "ෂින්තො" ධර්මය ජපන් ජනතාවගේ මුල් ම ආගමයි. දේව විශ්වාසය මත පදනම් වූ මෙයට ක්‍රි. ව. 593-572 දී කොරියාවේ සිට පැමිණි බුදු දහම මිත්‍රශීලී වීමෙන් පොදු ජන ඇදහිල්ලක් ලෙස, බුදු දහම ස්ථාපිත විය. නිකාය කීපයකින් සමන්විත වූ බුදු දහමත්, ක්‍රිස්තියානි ආගමත්, සීමිත ඉස්ලාම් භක්තිකයන් ප්‍රමාණයකුත් ජපානයේ දක්නට ලැබේ.

 

ජාතික කොඩිය
       ජාතික ගීය
ඉපැරණි හා සම්භාවනීය ජපානය

තුන්වැනි සියවසේ මැද භාගයේ සිට ක්‍රි.වර්ෂ 7810 දක්වා ජපානයේ ප්‍රධාන පාලන බලය වූයේ යමෝටෝ රාජ්‍ය තන්ත්‍රයයි. කොෆුන් සමය (තෙවැනි සියවස මැද සිට හයවැනි සියවස දක්වා) යතුරු සිදුරු හැඩය ගත් බොහෝ සොහොන් කොත් නිර්මාණය කළ සමයක් ලෙස හැදින්වේ. අසුකා සමයේදී (6 වැනි සියවස මැද සිට ක‍්‍රි.ව 710 දක්වා) ප්‍රධාන නගරය නාරා ද්‍රෝණියෙහි දකුණුතම කොටස වු අසුකා වෙත ගෙන යන ලදි. යායෝයි සමය සහ කොෆුන් අසුතා සමය අතර ප්‍රධාන වෙනස නම් ක්‍රියාශිලි නොවු කෘෂිකාර්මික සංස්කෘතියකින් කොරියන් අර්ධද්වීපය හරහා පැමිණි වඩා දියුණු හා යුධකාමි සංස්කෘතියක් දක්වා වූ වර්ධනයයි. කොගුන් අසුතා සමයේ යුදවාදි පාගමනයන් වෙනුවට මධ්‍යතන අධිරාජ්‍යවාදි රාජ්‍ය ක්‍රමය, සෞන්දර්ය විද්‍යාව සහ ආගම හඳුන්වා දුන් තාරා සමයේ ටාන්ග් රජ පෙළපතෙහි චින බලපෑම් වලින් මෙය විතැන් කරනු ලැබිණි

 

කොෆුන් සමය

ක්‍රි.ව 250 දී පමණ අරඹන කෝග‍්‍රන් සමයට එම නම ලැබුනේ ඒ කාලයේ දක්නට ලැබුණු විශාල භූමිදාන ගොඩනැගිලි ආශ්‍රයෙනි. කොෆුන් සමයේදී බලවත් කුලයන් වටා ගොඩනැගුණු ශක්තිමත් යුදමය රාජ්‍යයන් පිහිටුවිම ද 3 වැනි සියවසේ සිට 7 වැනි සියවස දක්වා යමාටෝ හා කවාචි පළාත්වල මධ්‍යගත වූ බලවත් ජපන් අධිරාජ්‍ය පෙළපතෙහි ආරම්භය වු යමාටෝ රාජ්‍ය සංස්ථාව පිහිටුවිම ද දක්නට ලැබිණි. යමාටෝ රාජ්‍ය සංස්ථාව අනෙක් කුළයන් යටපත් කරමින් සහ කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගනිමින් ජපානයේ බටහිර කොටසෙහි දැඩි බලයක් පවත්වා ගත්තේය. ජපානය 5 වැනි සියවසේ දී අධිරාජ්‍යවාදි චීනයට පඩුරු යැවිම ආරම්භ කළේය. චීන ඓතිහාසික වාර්තාවන්ට අනුව එම රාජ්‍ය සංස්ථාව ‘වා’ :අ් යනුවෙන් හැදින්වුනු අතර එහි සිටි රජුන් පස් දෙනෙක් ගැන සදහන්ය. චීන ආකෘතිය පදනම් කරගෙන ඔවුහු මධ්‍යගත පාලනයක් හා අධිරාජ්‍ය උසාවි ක්‍රමයක් ගොඩනැගු අතර එහි සමාජ වෘත්තිය කණ්ඩායම් අනුව සංවිධානය කළේය.

මේ කාලය මැද දී 4 වැනි සියවස අවසානයේ කොරියාවේ රාජධානි තුන හා ජපානය අතර කිට්ටු සම්බන්ධතාවයක් ආරම්භ විය. ග්වැන්ග්ගෙටෝ ස්ටිල්ට අනුව 4 වැනි සියවසේ පසු භාගයේත් 5 වැනි සියවසේ මුල් භාගයේත් ජපානය විශාල යුධ හමුදාවන් ද සමග කොරියන් අර්ධද්විපයෙහි ක්‍රියාත්මකව සහභාගිත්වය දැක්විය. ලියු සොන්ග් රාජ පරම්පරාවේ සොන්ග්ගේ ප්‍රස්තුතයට අනුව ලියු සොන්ග් අධිරාජයා තමාගේ ගැත්තෙක් ලෙස සැලකු යමාමොටෝ හි රජුට සිල්ලා හා ගයා රාජ්‍ය සන්ධානයේ යුදමය පරමාධිපත්‍ය තනතුර විධිමත් ලෙස ප්‍රදානය කරන ලදි. බේක්ජේ සහ සිල්ලා යුදමය සහාය තහවුරු කිරිම සදහා තම කුමරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ‘වා’ වෙත යවන ලදැයි ‘සම්ගුත් සාගි’ (රාජධානි තුනේ වංශ කථා) වාර්තා කළේය. බේක්ජේහි අසන් රජු ක්‍රි.ව 397 දි සිය පුතා වු ජෙඑන්ජි යැවු අතර සිල්ලා හි සිල්සෙඔන්ග් රජු ක්‍රි,ව 402 දී සිය පුතා යැවීය

 

අධ්‍යාපනය හා භාෂා

ජපන් භාෂාව ලිවීම සඳහා අක්ෂර මාලා 3 ක් ඇත. කන්ජි, හිරගනා සහ කතකනා එම අක්ෂර මාලාවන් වෙයි. දැනට හමුවන පැරණිම සාහිත්‍ය ලේඛන ලෙස "කොජිකි" හා "නිහෝන් ෂෝකි" හැඳින්වෙන අතර පිරිපුන් සාහිත්‍ය කෘතීන් 8 වන සියවසේදී හමුවේ. ලෝක සාහිත්‍යයෙන් ජපන් සාහිත්‍යට පමණක් ආවේණික වූවක් ලෙස හයිකු කවි හැඳින්විය හැකිය. ජපන් ප්‍රාථමික නාට්‍ය කීපයක් පිළිබඳ පුවත් අසන්නට ලැබෙන අතර 14 වන සියවසේ දී " නෝ" නාට්‍ය සම්ප්‍රදායත්, 17 වන සියවසේදී කබුකි හා බුන්රුකු සම්ප්‍රදායනුත් අරඹා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ නිෂ්පාදන හා සේවා ශීඝ්‍ර නවීකරණයකින් සහ ඉහළ තාක්ෂණයකින් දියුණු කෙරිණි. මේ අනුව 20 සිය වස ආරම්භ වන විට කාර්මික අංශය සංවර්ධනය කරමින් ආසියාවේ නවීකරණය වූ රාජ්‍යය බවට පත් විය. 11 වන ලෙක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආරථිකය විනාශ කර ගත් ජපානය 1970 වන විට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇත.

 

වැඩවසම් යුගයේ සිට ජපන් ජනතාව අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙන අතර එහි විෂශේෂ දියුණුවක් සටහන් වන්නේ මෙයිජි යුගයේ දී ය. මෝරි අරි නෝරි අධ්‍යාපන අමාත්‍යවරයා පාසැල් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දී ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එතරම් උනන්දුවක් නැති ඔවූහු තම මව් බස අභිමානයෙන් සලකති.

 

bottom of page