
ජපන් භාෂාව හා අක්ෂර මාලාව
ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එය ජපන් භාෂාවෙන් "නිහොන්ගෝ" යන නමින් හඳුන්වයි. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර(Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා (Hiragana) සහ කතකනා (Katakana)යන අක්ෂර ද භාවිතා කරයි.
කන්ජි : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි. බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 50,000ක් පමණ ඇති නමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 4,000ක් පමණ භාවිතා කරයි.
හිරඟනා : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. මෙය අකුරු 46 න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.
කතකනා : වෙනත් විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන සහ නාමයන්, කතකනා අක්ෂර වලින් ලියයි. මෙය ද අකුරු 46 න් සමන්විතය.
ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමන්ජි" (Romanji) නමින්, ජපන් වචනයේ ශබ්දය ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත.
ජපානයේ අක්ෂරමාලා ක්‍රමයන්



හිරඟනා
ひらがな
කතකනා
カタカナ
හිරගනා ひらがな
කතකනා カタカナ
කන්ජි 勧業
ජපන් භාෂාව සිංහල භාෂාවට බෙහෙවින් සමාන වන ව්‍යාකරණ රටාවක් ඇති භාෂාවක් වන අතර සිංහල භාෂාවෙන් ලියනු ලබන වාක්‍ය රටාවට සමානව ඒ ආකාරයෙන්ම ජපන් භාෂාවෙන් ලිවිය හැක.
උදා : ඇය විශ්ව විද්‍යාල සිසුවියක් වේ.
"කනොජෝ ව දයිගකුසෙඉ දෙසු."
かのじょは だいがくせい です。
ඇය - かのじょ විශ්වවිද්‍යාල සිසුවියක් - だいがくせい වේ - です。 「は」- නිපාතය
ඉහත උදාහරණය දෙස විමසිල්ලෙන් බලා එහි ඇති සරල ව්‍යාකරණ රටාව අප භාෂාවට සමාන බව වටහාගන්න.
මෙහිදී සියලුම අක්ෂරයන් ලිවිය යුත්තේ වමේ සිට දකුණටයි.
ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් Smart Phone Application (Android OS) එකක් ලෙස මෙතනින් ලබාගන්න.
Hiragana writing practice sheets PDF ආකාරයට Print Out අවශ්‍යනම් මෙතනින් ලබාගන්න.
මෙහිදී සියලුම අක්ෂරයන් ලිවිය යුත්තේ වමේ සිට දකුණටයි.
ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් Smart Phone Application (Android OS) එකක් ලෙස මෙතනින් ලබාගන්න.
Katakana writing practice sheets PDF ආකාරයට Print Out අවශ්‍යනම් මෙතනින් ලබාගන්න.
ජපන් අක්ෂර ශබ්ධ කරන ආකාරය
තෙන්තෙන් [ " ] සහ මරුතෙන් [。] සහිත අක්ෂර
දීර්ග ස්වරයන්
බැදී අක්ෂර
හිරඟනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 46 න් අක්ෂර 20ක් සදහා තෙන්තෙන් සහ මරුතෙන් ආදේශ කොට අක්ෂර 25 ක් යොදාගත හැකිය. ඒ සදහා ආදේශ කරන අක්ෂර 20 පහත පෙන්වා දී ඇත.
か き く け こ
さ し す せ そ
た ち つ て と
は ひ ふ へ ほ
ග(Ga) ශබ්ධයත් / ශ(Za) ශබ්ධයත් / ඩ(Da) ශබ්ධයත් / බ(Ba) ශබ්ධයත්/ ප(Pa) ශබ්ධයත් ගොඩනගා ගැනීමට ඉහත පෙන්වා දී ඇති අක්ෂරයන් 20 සමග තෙන්තෙන් සහ මරුතෙන් ආදේශ කරගන්නා ආකාරය පහත දක්වා ඇත.
ක か → が ග
කි き → ぎ ගී
කු く → ぐ ගු
කේ け → げ ගේ
කෝ こ → ご ගෝ
ඉහත ක්‍රමවේදය පිලිබදව නැවත හොදින් බලන්න, එහි か අක්ෂරයට පසුපසින් වමේ සිට පහලට ඇලව දකුණු දෙසට අක්ෂරයට දකුණුපස ඉහලින් කුඩා ඉරිකබැලි දෙකක් යොදාගෙන "ක か ශබ්ධය ග が ශබ්ධයට" පරිවර්ථනය කරගනු ලබනවා. මෙම අක්ෂරයන් තෙන්තෙන් අක්ෂරයන් ලෙස හදුන්වයි.
මරුතෙන් යනු , එම පසුපස ඉරිකබැලි දෙක වෙනුවට " 。” ආදේශ කිරීමයි.
ඒ අනුව,
හ は → ぱ ප
හි ひ → ぴ පි
හු ふ → ぷ පු
හෙ へ → ぺ පෙ
හො ほ → ぽ පො
පහත වගුව අධ්‍යයනය කරන්න.


ජපන් භාෂාවේ මුලික හොඩින් අතර ඇති හිරඟනා හෝඩියේත් කතකනා හෝඩියේත් ප්‍රධාන අක්ෂර 46ක් දැකිය හැකි අතර මෙම අක්ෂර 46 තුල කිසිදු දීර්ග ස්වරයක් දැකිය නොහැක. ඒ අනුව හිරගනා හෝඩිය අධාරකරගෙන දීර්ග ස්වරයන් නිර්මාණය කරගන්න ආකාරය පහත සදහන් වේ.
සලකියයුතුයි. : හිරඟනා හෝඩියේ ආධාරයෙන් දීර්ග ස්වරයන් නිර්මාණයේදී ස්වර අක්ෂර 05ක් උපයෝගී කරගනී.
あ い う え お
ඉහත පෙන්වා දී ඇති ස්වර අක්ෂරයන් දීර්ග අක්ෂරයක් ලෙස ලියනු ලබන ආකාරය,
අ あ → ああ ආ
ඉ い → いい ඊ
උ う → うう ඌ
එ え → ええ ඒ
ඔ お → おお /おう ඕ
ඕ " අක්ෂරය දීර්ග ස්වරයන් ලියනු ලබන ආකාරයන් 2ක් දැකිය හැක.
විශේෂයෙන් ජපන් භාෂාවේ "ඕ ' අක්ෂරයේ ව්‍යංජන අක්ෂරයට පසුව ස්වර 'උ" අක්ෂරයට ආදේශ කරනු ලබයි .
ව්‍යංජන දීර්ග අක්ෂරයන්,
ක か → かあ කා
කි き → きい කී
කු く → くう කූ
කෙ け → けえ කේ
කො こ → こう | こお කෝ
දීර්ග ස්වර භාවිතාවන වචනයන් කිහිපයක්.
Okii ー おおきい - විශාලයි
Oi ー おおい - ගොඩක්
Osaka ー おおさか - ජපානයේ නගරයක්
kOkO ー こうこう - ජේෂ්ඨ පාසැල
* සැලකිය යුතුයි. මින් ඉදිරියට ජපන් භාෂාවේ උච්චාරණ ක්‍රමයන් ඉංග්‍රීසි අකුරෙන් නොපෙන් වන බව කරුණාවෙන් සලකන්න. මන්ද යත් , මම සිතනවා ඔබට ජපන් අක්ෂරයන් මේ වන විට හොදින් ලිවීමට සහ කියවීමට හැකි බව.
こうこうせい - ජෙෂ්ඨ පාසල් සිසුවා.
くうこう - ගුවන්තොටුපල
のうみん - ගොවියා
おかあさん - අම්මා
おとうさん - තාත්තා
おばあさん - අච්චි
おじいさん - සීයා
こうべ - ජපානයේ නගරයක්
ජපන් භාශාවේ හිරඟනා හෝඩියේහි මුලික අක්ෂර 46ක් දැකිය හැකි වේ, මෙමෙ අක්ෂර 46 සදහා තෙන්තෙන් හා මරුතෙන් ආදේශ කොට තවත් අක්ෂර 25ක් නිර්මාණය කරගනු දැකිය හැකි වේ. විශේෂයෙන් ජපන් භාෂාවේ දැකිය හැකි තවත් ප්‍රධාන අක්ෂර කණ්ඩයක් ලෙස බැදී අක්ෂර පෙන්වා දිය හැක. ප්‍රධාන වශයෙන් බැදී අක්ෂර 33ක් මෙම හිරඟනා හෝඩිය ආකාරයෙන් නිර්මාණය කරනු ලබයි. ඒ සදහා や ゆ よ අක්ෂර සමග " い" ශබ්ධයේ ව්‍යංජන අක්ෂර 11 උපයෝගී කරගනු ලබයි.
い ශබ්ධයේ අක්ෂර 11
き ぎ し じ ち に ひ び ぴ み り
ඒ අනුව ඉහත පෙන්වා දී ඇති ”ぃ” ශබ්ධයේ ව්‍යන්ජනයන් සමග や ゆ よ යන අක්ෂරයන් භාවිතාකොට නිර්මාණය කරගනු ලබයි.
සැ.යු. බැදී අක්ෂරයන් ව්‍යංජන අක්ෂරයන්ට සාපේක්ෂව කුඩායි.
きゃ- ක්‍යා しゃ- ශා ひゃ- හ(යා) ぴゃ- ප්‍යා
きゅ- ක්‍යු しゅ- ශු ひゅ ぴゅ-
きょ- ක්‍යෝ しょ - ශෝ ひょ ぴょ
ぎゃ- ග්‍යා じゃ- ජා びゃ- බ්‍යා ちゃ - චා
ぎゅ じゅ びゅ ちゅ
ぎょ じょ びょ ちょ
にゃ- න්‍යා みょ - ම්‍යා りゃ - ර්‍යා
にゅ みゅ りゅ
にょ みょ りょ
වැදගත් : - ඉහත සදහන් බැදි අක්ෂරයන් දීර්ඝ ස්වරයෙන් ලිවීමේදී අදාල බැදී අක්ෂරයට ගැලපෙන ස්වර අක්ෂරයන් ගැලපිය යුතු වේ.
උදා :- ක්‍යා(අ) きゃあ
ක්‍යු(උ) きゅう
ක්‍යෝ(ඕ) きょお → きょう
(මෙසේ お දීර්ඝ ස්වරයෙන් ලිවීමේදී お වෙනුවට う අක්ෂරය භාවිතා කරයි.)
හල් අක්ෂර
ජපන් භාෂාවේ මුලික අක්ෂර 46ක් දැකිය හැක. එම අක්ෂර 46න් අක්ෂර 20 ට තෙන්තෙන් '' හා මරුතෙන් 。ආදේශ කර තවත් අක්ෂර 25ක් නිර්මාණය කරගන්නා ලදී. එසේම い ශබ්ධයේ ව්‍යංජන අක්ෂර 25 ට や ゆ よ අක්ෂරයන් සම්බන්ධ කර තවත් බැදී අක්ෂර 33ක් නිර්මාණය කරගන්නා ලදී. ඒ අනුව සමස්ථ හිරගනා හෝඩියේ අක්ෂර 104 අධ්‍යයනය කර ඇති අතර එම අක්ෂර 104 අතුරින් දැකිය හැක්කේ එකදු හල් අක්ෂරයක් පමණි. එනම්,
ん - න්
ඉහත පෙන්වා දී ඇති හල් අක්ෂරය තුලින් න් / ම් යන උච්චාරණ විධි පිලිබිබු කෙරේ.
ජපන් භාෂාව - にほんご
උත්සහ කරනවා - がんばります
ඉහත පෙන්වාදී ඇති උච්චාරණ ක්‍රම වලට අමතරව තවත් හල් අක්ෂර ක්‍රමයක් දැකිය හැක. ඒ සදහා හෝඩියේ つ අක්ෂරය භාවිතාකරයි.
සැ.යු. විවිධාකාරයේ හල් ශබ්ධයන්ට උච්චාරණය වන අවස්ථාවන් හිදී යම් වචනයත් අභ්‍යන්තරයේ つ අක්ෂරය භාවිතා කරන විට එය අනෙක් අක්ෂර වලට වඩා සාපේක්ෂව කුඩාවට ලිවිය යුතුය.
けっこん
කෙක්කොන්
යම් වචනයක් අභ්‍යන්තරයේ කුඩාවට ලියනු ලබන つ අක්ෂරයක් ඇත්නම් එය උච්චාරණය වන හල් අක්ෂරය තීරණය කරනු ලබන්නේ අදාල කුඩාවට ලියනු ලබන つ අක්ෂරයට පසුව ඇති අක්ෂරය අනුව වේ.
-
මුද්දරය - きって
-
ප්‍රතිපලය - けっか
-
කම්මුල් - はっぺた
-
පාසැල - がっこう
-
අනිද්දා - あさって
-
සගරාව - ざっし
-
විනාඩි 10යි - じゅっぷん

