top of page

නිපාත - じょし

නිපාතයක් යනු වාක්‍යයක ඇති වචන එකිනෙකට සම්බන්ධ කරන පද මෙන්ම ජේදයක ඇති  වාක්‍යන් වල පද සම්බන්ධ කරයි. විශේෂයෙන් ජපන් භාෂාවේ ඇති නිපාත අධ්‍යයනය කිරීමේදී විශේෂ උච්චාරණ ක්‍රම අවස්ථා 3ක් දැකිය හැක.

 

ひらがな හෝඩියේ ඇති අක්ෂරනිපාතයක් ලෙස භාවිතා කිරීමේදී උච්චාරණය කරන ආකාරය

 

は → හා      は → ව

へ →   හෙ     へ → එ

を →   වො     を → ඔ

 

 

ඉහත පෙන්වා දී ඇති නිපාතයන්ට අමතරව උච්චාරණය කරනු ලබන ආකාරයේ කිසිදු වෙනසක් දැකිය නොහැකි නිපතයන්ද කිහිපයක් පහත පෙන්වා දී ඇත.

 

か  が  も  と  の  に 

 

から  ま     で 

 

ごろ     ぐらい までに のわ

 

も じょし

 

 මෙම නිපාතය " ත් " යන අදහසින් භාවිතාකරයි. 

 

උදා :  මමත් /  තාත්තත් / යහළුවත්  යනාකාරයට ත් ශබ්ධය සමග වචන භාවිතයේදී මෙම "මො / も " නිපාතය භාවිතාකරනු ලබයි.

 

 

1. මමත් ඉන්නවා. わたしわ も います。

2. මල්ලිත් සෙල්ලම් කරනවා . おとうと も あそびます。

3. ඇයත් ඉගෙනගන්නවා.  かのじょ も ならいます。| まなびます。

4. ඔහුත් එනවා . かれ も きます。

5. තාත්තත් කනවා.  ちち も たべます。

6. ශිෂ්‍යත් ලියනවා. がくせい も かきます。

7. යහළුවත් යනවා. ともだち も いきます。

.....

は じょし
 
හත පෙන්වා දී ඇති නිපාතය සදහා හිරගනා හෝඩියේ は අක්ෂරය භාවිත කරනු ලැබේ. අදාල අක්ෂරය නිපාතයක් ලෙස පමණක් භාවිතා කිරීමේදී "ව" ලෙස පමණක් උච්චාරණය කරනු ලැබේ. මෙම නිපාතය වාක්‍යයයේ අභ්‍යන්තරයේ භාවිතා කරනු ලබන අවස්ථා 03ක් දැකිය හැක,

උදා :  *  මම තනකා වේ.  わたし は たなか です。
    යම් වාක්‍යයක  උක්ත පදයට පසුව は භාවිත කිරීම.

          *  මම ඉගෙන ගන්නවා. わたし は ならいます。「まなびますーべんきょうします。」
    යම් වාක්‍යයක උක්ත පදයත් ක්‍රියා පදයත් සමීප ස්ථානයක භාවිතා කරන විට අදාල පද යුගලය අතරට は නිපාතය භාවිතා කරනු දැකිය හැක.

          *  මේක පැනක් නොවේ.  これ は ペン では ありません。
    යම් වාක්‍යයක නැත ස්වරුපයේ පදයක් වාක්‍යය අවසානයේ භාවිතාකරන විට අදාල නැත ස්වරුපයේ පදයට පෙර は නිපාතය භාවිටකරනු ලබයි.


 
  1.  ඔහු ශිෂ්‍යයෙක් වේ. これ は がくせい です。
  2. ඇය ගුරුවරියක් වේ. かのじょ は せんせい です。
  3. තාත්තා වෛද්‍යවරයෙක් වේ.  ちち は いしゃ です。
  4. මල්ලි ක්‍රීඩකයෙක් වේ.  おとうと は せんせい です。
  5. නංගි චිත්‍ර ශිල්පිනියක් වේ. いもと は がか です。
  6. අම්මා හෙදියක් වේ. はは は かんごふ です。
  7. තනකා මහතා ආයතන ප්‍රධානියෙක් වේ. たなかさん は しゃちょう です。
  8. නොරිකෝ මෙනවිය විශ්ව විද්‍යාල සිසුවියක් වේ. のりこさん は だいがくせい です。
  9. ඔෂින් මහත්මිය ගායිකාවක් වේ. おしんさん は かしゅう です。
  10. මේක ශබ්ධකෝෂයක් වේ. これ は じしょ です。
  11. තත්තා නිතීක්ඥවරයෙක් වේ. ちち は べんごし です。
  12. අරක තීන්ත පෑනක් වේ. あれ は まんねんひつ です。
  13. මෙතන පන්ති කාමරයක් වේ. ここ は きょうしつ です。
     
     
     
     
     
     
     
     
     

 

 

と じょし
 
මෙම නිපාතය ජපන් භාෂාවේදී " සහ / සමග " යන අරුත හැගවීමට භාවිත කරයි. විශේෂයෙන්ම සරල නාම යුගලයක් "සහ  " යන අර්ථයෙන් සම්බන්ධ කිරීමේදී හා ක්‍රියාපදයන්ට පෙර නාමපදයක් "සමග " යන අර්ථයෙන් සම්බන්ධ කිරීමේදී මෙම ” と ” නිපාතය භාවිතාකරයි.
 
* සහ යන අරුතින් නාම පද යුගලයක් සම්බන්ධ කිරීම.
 
1. පොතක් සහ පෑනක් වේ.  ほん と ペン です。
2. ගස සහ මල .   き と はな。
3. ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව.   にほんご と えいご。
4. චීන ජාතිකයන් සහ ජපන් ජාතිකයන්.   ちゅうごくじん と にほんじん。
5. ජපානය සහ ශ්‍රී ලංකාව.  にほん と スリランカ。 
 
* ක්‍රියාපදයන්ට පෙර " සමග" යන අරුතින් " と ” නිපාතය භාවිතාකිරීම.
 
1. අම්මා සමග යනවා.   はは と いきます。
2. ජපන් ජාතිකයන් සමග කතාකරනවා.   にほんじん と はなします。
3. යහළුවන් සමග විනෝද වෙනවා .  ともだち と たのしみます。
4. සහෝදරයන් සමග රණ්ඩුවෙනවා.   きょうだい と けんかします。
5. ඔහු සමග විවාහ වෙනවා.    かれ と けっこんします。
 
へ じょしい
 මෙම නිපාතය සදහා භාවිතා කාර ඈත්තේ ජපන් හෝඩියේ "හේ " උච්චාරණ අක්ෂරය වන අතර මෙය නිපාත අවස්ථාවේදී " ඒ " ලෙස උච්චාරණය කරනු ලබයි.
මෙහි ඇති විශේෂත්වයනම් , මෙමෙ නිපාතය ප්‍රධාන ක්‍රියාපද ත්‍රිත්වයකට පෙර භාවිත කරනු දැකීමයි.
 
* いきます - යනවා
* きます  - එනවා
* かえります - ආපසු එනවා
 
ඉහත පෙන්වා දී ඇති ක්‍රියාපද ත්‍රිත්වයට පෙර  භාවිතාවන ස්ථාන වාචි  නමපදයන්ට පසුව " ට " යන  අදහසින් මෙම නිපාතය භාවිතා කෙරේ.
 
* තවද මෙම " へ " නිපාතය ලිපි ලිවීමේදී " වෙතට " යන අදහසින් පුද්ගල නාමයන්ට පසුව භාවිතාකරනු දැකිය හැක.
 
01. පාසලට යනවා.   がっこう へ いきます。
02. පන්සලට යනවා.   おてら へ いきます。
03. සමාගමට එනවා.   かいしゃ へ きます。
04. නිවසට ආපසු එනවා.  うち へ かえります。
05. ශ්‍රී ලංකාවට ආපසු එනවා.  スリランカ へ かえります。
 
 
 
Business English
5 lessons per week | 8 weeks
I'm a paragraph. Click here to add your own text and edit me. I’m a great place for you to tell a story and let your users know a little more about you.

 

PRICE: $350
Business English
Private Tutoring
I'm a paragraph. Click here to add your own text and edit me. I’m a great place for you to tell a story and let your users know a little more about you.

 

PRICE: $50/hr
bottom of page